ගංජා වගාවක් වටලයි – ගිණි අවියක් සමඟ සැකකරු අත්අඩංගුවට
වියළි ගංජා කිලෝ ග්‍රෑම් 15ක් සහ ගිණි අවියක් සමඟ සැකකරුවෙකු කතරගම සෙල්ලන්ගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
සැකකරු අක්කර එකහමාරක භුමියක ගංජා වගා කර තිබු බවත් අඩි 8ක් පමණ උසින් යුත් ගංජා ශාක 20000ක් සොයා ගත් බවත් වැටලීම සිදුකළ නිලධාරීන් සඳහන් කළා. වියළි ගංජා කිලෝ ග්‍රෑම් 15 හා ගිණි අවිය සමඟ සැකකරු කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
The post ගංජා වගාවක් වටලයි – ගිණි අවියක් සමඟ සැකකරු අත්අඩංගුවට appeared first on ITN News.