ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත මුදා හැරේ
මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන දෙදෙනා ඇප මත මුදා හැරුණා.
වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් බැන තර්ජනය කර සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කළ බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයින් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන අය කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබුණා.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා සහ වීඩියෝ දර්ශන උපයෝගි කර ගනිමින් අදාළ සැකකරුවන් වන ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ පසුගිය 23 වනදායි.
ඒ වත්තල සහ මැල්ලව ගෙදර යන ප්‍රදේශවලදීයි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මුදා හැරුණේ රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් මතයි.
The post ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත මුදා හැරේ appeared first on ITN News.