සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්
දළදා වහන්සේට අපහාසයක් වන පරිදී ප්‍රකාශයක් සිදු කළේයැයි අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේයි. සැකකරුගේ කටහඬ පිළිබදව පරික්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බවත් ඒ සදහා රජයේ රසපරික්ෂක දෙපාර්තමේන්තුවට සැකකරු ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන මස දෙවනදා රජයේ රස පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.
The post සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ් appeared first on ITN News.