බංගලාදේශයට ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ඇ.ඩො. බිලියන 4.7ක මූල්ය පැකේජයක්
බංගලාදේශයට ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ඇමෙරිකා ඩොලර් බිලියන හතරයි දශම හතක මූල්‍ය පැකේජයක් අනුමතවී තිබෙනවා.
මැදි ආදායම් ලබන රටවලට සහ දූපත් රාජ්‍යන්ට උපකාර කිරීම අරමුණු කරගත් නව වැඩසටහනක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම මුදල් ලබා දෙනවා. මේ අනුව ජාත්‍යන්තර මූල්ය අරමුදලෙන් නව අරමුදල් අනුමත වු ප්‍රථම දකුණු ආසියාතික රට බවට ද බංගලාදේශය පත්වනවා. මේ යටතේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඇමෙරිකා ඩොලර් බිලියන 3.3ක් හා නව අරමුදල් වැඩසටහන යටතේ ඩොලර් බිලියන 1.4ක මුදලක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරනු ඇති. මෙම මුදල් නැවත ගෙවීම සදහා වසර දහය හමාරක සහන කාලයක් ලැබෙන අතර වසර 20ක් තුළ ණය ගෙවීමට බංගලාදේශයට සිදුවනවා.
The post බංගලාදේශයට ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ඇ.ඩො. බිලියන 4.7ක මූල්ය පැකේජයක් appeared first on ITN News.