ජනපති මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදකී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් දැක ආශිර්වාද ලබාගත්තා.
මල්වතු මහාවිහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්හ්වයේ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැක සුවදුක් විමසා අටපිරිකර පූජා කළා.
මහානාහිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නය සෙත්පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පුද කළා.
අනතුරුව ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිලිගැන්වුවා.
රනිල් වික්‍රමසිංම මහතා විහාරස්ථ සමරු ග්‍රන්ථයේ සටහනක් ද තැබුවා. අනතුරුව අස්ගිරි මහාවිහාරයට පැමිණි ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන්වහන්සේ බැහැදැක කෙටි පිලිසදරක නිරත වුණා.
අස්ගිරි මහාවිහාරයේ සංවර්ධන කටයුතු පිළිබදව ද ජනාධිපතිවරයා විමසා බැලුවා. මහානාහිමියන් ප්‍රමුඛ සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පල කළා.
The post ජනපති මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදකී appeared first on ITN News.