පුද්ගල ආදායම මත බදු පැනවීම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කෙටි කාලීන ක්රමෝපායක්
පුද්ගල ආදායම මත බදු පැනවීම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කෙටි කාලීන ක්‍රමෝපායක් බව මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා පවසනවා.
වෘත්තීය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා මුදල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකදී මේ බව ප්‍රකාශ කෙරුණා.
මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
නව බදු ක්‍රමය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් යම් සහනයක් ලබාදීමට හැකි බවත් කපිල සේනානායක මහතා කියාසිටියා.
ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය, පුද්ගලික බදු ගැටලු, පුද්ගල ආදායම් බද්දට අදාලව බදු ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව දැනුවත් කෙරුණා.
මතුව ඇති ගැටලුවලට ගත හැකි කඩිනම් විසඳුම් හා යෝජනා මෙම සාකච්ඡා තුළින් ලබාගනිමින් විසඳුම් යෝජනාවක් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කරන බවයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මෙහිදී ප්‍රකාශ කළේ.
The post පුද්ගල ආදායම මත බදු පැනවීම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කෙටි කාලීන ක්රමෝපායක් appeared first on ITN News.