ක්ෂේත්ර කිහිපයක වෘත්තීය සමිති අදත් විරෝධතා ව්යාපාරවල
නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති අදත් විරෝධතා ව්‍යාපාරවල නිරත වුණා.
වෛද්‍ය, ජලය, විදුලිබල, තෙල්, බැංකු,වරාය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් ඊයේ දිනයේදී ද වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹුනු අතර බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය සලකා බලා ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔවුන් පවසන්නේ.
සමස්ත තැපැල් සේවකයන් දින තුනක විරෝධතා ව්‍යාපාරයක නිරත වී සිටින බව ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය පවසනවා.
උපයන විට බද්ද සහ බැංකු ණය පොළී ඉහළ දැමීමට එරෙහිව තැපැල් සේවකයන් මෙම කළු විරෝධය ප්‍රකාශයට පත් කර ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ.
රටේ සෘජු සහ වක්‍ර බදු අතර අනුපාතය වෙනස් විය යුතු බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලා.
තමන් ඉල්ලා සිටින පරිදි සහන සැලසීමට රජය අපොහොසත් වන්නේ නම් ඒකාබද්ද වැඩ වර්ජනයක් කරා යොමු වීමට සූදානම් බවයි ඔහු පැවසුවේ.
නව බදු ප්‍රතිපත්තිය හකුලාගෙන පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ව්‍යාපාරිකයන්ට ලැබෙන බදු සහන වෘත්තිකයන්ටද ලැබිය යුතු බවයි ඔවුන් සදහන් කරන්නේ.
The post ක්ෂේත්ර කිහිපයක වෘත්තීය සමිති අදත් විරෝධතා ව්යාපාරවල appeared first on ITN News.