ඇමති විජයදාස සහ ඇමති බන්දුල වටරැක එළිමහන් සිරකඳවුරේ නිරීක්ෂණ චාරිකාවක
සුළු වැරදි සඳහා බන්ධනාගාර ගතව සිටින පුද්ගලයන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමට විජයදාස රාජපක්ෂ සහ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරුන් වටරැක එළිමහන් සිරකඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එළිමහන් කඳවුරේ රැඳවූවන්ගේ අඩුපාඩු සොයා බැලූ අමාත්‍යවරුන් ළමා රැඳවූවන් අධ්‍යාපනය ලබන සූනීත විද්‍යාලයට පැමිණ අඩුපාඩු සොයා බැලුවා.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහීවුවන් ඉල්ලක කරගනිමින් පුළුල් පුනරුත්ථාපන වැඩසටහනක් ආරම්භ කරන බවයි මෙහිදි අමාත්‍යවරුන් සඳහන් කලේ.
රැඳවූවන් සඳහා ලබා දෙන වෘත්තීය පුහුණුව ද ඉහළ නැංවීමට නියමිතයි.
The post ඇමති විජයදාස සහ ඇමති බන්දුල වටරැක එළිමහන් සිරකඳවුරේ නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.