ආසියාවේ විශාලතම ගුවන් යානා සංදර්ශන ඇරඹෙයි
ආසියාවේ විශාලතම ගුවන් යානා සංදර්ශනය අද ආරම්භ වුණා. ඒ ඉන්දියාවේ බෙංගලුරු හිදී.
එයරෝ ඉන්දියා 2023 ලෙසයි මෙය නම්කර ඇත්තේ. රටවල් 98 ක ආයතන 809 ක් නියෝජනය කරමින් පිරිස් ඊට සහභාගි වනවා. 14 වන වරට පැවැත්වෙන ගුවන් යානා සංදර්ශනය අද ආරම්භ කෙරුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. එය දින 5 ක් පුරා පැවැත්වෙනවා. බිලියන් ගණන් අවස්ථා වෙනුවෙන් නිර්මාණය වූ ගුවන් පථය යන්න මෙවර එහි තේමාවයි. විවිධ වර්ගවලට අයත් ගුවන් යානා යොදාගනිමින් අලංකාරවත් ගුවන් සංදර්ශනයක් ද අද පැවැත්වුණා. ඉදිරියේ දී මිලදී ගැනීමට නියමිත ගුවන් යානා වලට අදාළ ගිවිසුම්ගතවීම් ද අද සිදුකෙරුණා. ඉන්දියාව මෙම වසර තුළ පමණක් මිලිදී ගැනීමට අපේක්ෂිත ගුවන් යානා ප්‍රමාණය 500 ක්.
The post ආසියාවේ විශාලතම ගුවන් යානා සංදර්ශන ඇරඹෙයි appeared first on ITN News.