දුම්රිය වර්ජනය අවසන්
දුම්රිය රියදුරන් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දහවල් සිට අත්හිටුවීමට තීරණය කෙරුණා. දුම්රිය පරිපාලනය අවිධිමත් තීරණ ගන්නා බව ප්‍රකාශ කරමින් අද උදෑසන කාලයේ ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීම හේතුවෙන් දුම්රිය ගමන්වාර 10 ක් අවලංගු කෙරුණා.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙන්නේ.
The post දුම්රිය වර්ජනය අවසන් appeared first on ITN News.