බස් රථයක් සහ මෝටර් රථයක් යාල් රාණි දුම්රියේ ගැටෙයි – තිදෙනෙකුට තුවාල
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය, බස් රථ හා මෝටර් රථ ගැටුමකින් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලැබුවා.
අරවියල් නගර් දුම්රිය ස්ථානය අසලදී යාපනය සිට වව්නියාව දක්වා ධාවනය වූ යාල් රාණි දුම්රියේ බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුනේ. යාපනය විශ්වවිද්‍යාලයට සේවකයින් පිරිසක් රැගෙන පැමිණි බස් රථය දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරිමේදී අනතුර සිදුවුණා. පසුව බස් රථය විසිවී ගොස් පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටී තිබෙනවා.
මේ අතර නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිටදී වෑන් රථයක ගැටී දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්වුණා. නාවලපිටිය නගරයේ සිට කොත්මලේ පසුමාවත දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථය අතුරු මාර්ගයකට ඇතුළු කරන අවස්ථාවේදී මෙම දෙදරු පියා ගැටී තිබෙනවා. වෑන් රථයේ පැති කණ්ණාඩියේ වැදී බිම වැටීමෙන් පසු එහි පසුපස රෝදයට යටවීමෙන් බරපතල තුවාල සිදුවුණා. මියගොස් ඇත්තේ නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පදිංචි එස් පී හේරත් නමැති 59 හැවිරිදි පුද්ගලයෙක්.
The post බස් රථයක් සහ මෝටර් රථයක් යාල් රාණි දුම්රියේ ගැටෙයි – තිදෙනෙකුට තුවාල appeared first on ITN News.