විදුලිබලය මිලදී ගැනීමට නව සූත්රයක්
විදුලිය මිලදී ගැනීම සඳහා නව සූත්‍රයක් හදුන්වාදීමට රජය අවධානය යොමු කර තිබෙනවා.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීමට හා දිරිමත් කිරීම සදහා නව විදුලිය මිලදී ගැනීමේ සූත්‍රයක් හඳුන්වාදීමට පත් කළ කමිටුවේ සාමාජිකයින් එහි අවසන් වාර්තාව පිළිබද ඊයේ කරුණු සාකච්ඡා කළා.
වසර 20 ක විදුලිය මිලදී ගැනීමේ ක්‍රමය යටතේ එම වර්ෂයේ පොලී අනුපාත හා ඉදිකිරීම්වලදී විදේශ විනිමය අනුපාතයන් හා අනෙකුත් වියදම් සැලකිල්ලය ගෙන ආදේශ කිරීමේ ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට ඒ අනුව බලාපොරොත්තු වනවා.
ඉදිරියේදී ඇති වන විදුලි අර්බුදවලට පිලියම් යෙදීම මෙන්ම අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිලිවෙල යටතේ මෙය ක්‍රි්යාවට නැංවීමටයි සැළසුම් කර ඇත්තේ.
The post විදුලිබලය මිලදී ගැනීමට නව සූත්රයක් appeared first on ITN News.