මෙරට රෝහල් සඳහා ඩීසල් සැපයීමට ජපානයෙන් ඩොලර් මි. 46ක ප්රදානයක්
ජපන් රජය මෙරට රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීමට ඇමෙරිකා ඩොලර් මිලියන 46ක ප්‍රදානයක් ලබා දී තිබෙනවා.
මෙම ප්‍රදානයට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිදු කෙරුණා.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි යන මහත්වරුයි ගිවිසුමට අත්සන් තැබුණේ.
ගිවිසුමට අනුව ජපන් රජය ඩීසල් ලීටර මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට වෛද්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම මානුෂීය ආධාරය ලබාදීම සිදු වෙනවා.
The post මෙරට රෝහල් සඳහා ඩීසල් සැපයීමට ජපානයෙන් ඩොලර් මි. 46ක ප්රදානයක් appeared first on ITN News.