ජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිසක් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවයක
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිසක් අද(24) දහවල් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවයක වුණා.
ඒ ඊයේ පැවති විරෝධතාවයේදී විශ්වවිද්‍යාල සිසුන් සහ ශිෂ්‍ය භික්ෂූන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්.
ඊයේ (23) විරෝධතාව විසුරුවා හැරීම් හා අත්අඩංගුවට ගැනීම්වලදී පහරදීමක්ද සිදුවූ බවට ඔවුන් චෝදනා කර සිටිනවා. එම සිදුවීම වීඩියෝගත කළ ගුරු මාරු මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකුටද පොලිස් නිලධාරීන් පහරදී අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර තිබුණා.
අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනෙක්ව අත්අඩංගුවට ගැනුණා.
එම පහරදීම් හා අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවය විරෝධතාවයට එක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් කියා සිටියේ.
The post ජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිසක් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවයක appeared first on ITN News.