දේශීය ප්රතිකාර ක්රම සඳහා ජනතාවගේ වැඩි නැඹුරුවක්
රට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවකදී ප්‍රජා සෞඛ්‍ය රැකගැනීමට පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ට සුවිශාල කාර්ය භාරයක් ඉටු කළ හැකි බව ආයුර්ව්ද දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වන විටත් රෝග නිවාරණය සහ දේශීය ප්රතිකාර ක්‍රම සදහා ජනතාවගේ වැඩි නැඹුරුවක් ඇති වී තිබෙන බවයි ආයුර්වේද බලධාරීන් සදහන් කරන්නේ.
සරබගමුව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා වෛද්‍ය අංශය සංවිධාන කළ පාරම්රික ආයුර්වේද වෛද්‍යවරු දැනුවත් කිරීමේ තෙදින වැඩසටහනකදී ප්‍රජා සෞඛ්‍ය සේවාව වර්ධනය කළ හැකි ආකාරය පිළිබදව පුළුල් වශයෙන් දැනුවත් කෙරුණා.
ආයුර්වේද, ආහාර රටාවන්, රෝග ආසාදන වැළැක්වීමට ගත යුතු උපදේශන මෙන්ම අවම පිරිවැයක් යටතේ සිදුකළ හැකි ප්‍රතිකාර පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණා.
දේශීය පාරම්පරික වෛද්‍යවරුන් නිපද වූ ආයුර්වේද නිෂ්පාදන ප්‍රදර්ශනයක්ද මෙම ස්ථානයේදී පැවැත්වුනා.
The post දේශීය ප්රතිකාර ක්රම සඳහා ජනතාවගේ වැඩි නැඹුරුවක් appeared first on ITN News.