ශ්රි පාද වන්දනාවේ එද්දී ,මත්ද්රව්ය අරන් ඇවිත් – 15 දෙනෙකු අත්අඩංගුවට
විවිධ මත්ද්‍රව්‍ය රැගෙන දුම්රියෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් පවසනවා.
හැටන් දුම්රිය ස්ථානයේදී එම පරීක්ෂාවන් සිදු කර ඇති අතර 24 සහ 25 දෙදින තුළ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් පිරිස කොළඹ , ගාල්ල , අනුරාධපුර සහ කුරුණැගල යන ප්‍රදේශවල පදිංචි අවු 20-30 වයස්වල පසුවන්නන්.
එම තරුණයන් සන්තකයේ හෙරොයින් , ගංජා , ගංජා මිශ්‍ර දුම් කුඩු සහ නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද බීඩි තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන්ට මේ මස (28) දින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියෝග කරමින් මහෙස්ත්‍රාත්වරයා විසින් ශරිර ඇප මත එම සැකකරුවන් මුදා හැර තිබෙනවා.
The post ශ්රි පාද වන්දනාවේ එද්දී ,මත්ද්රව්ය අරන් ඇවිත් – 15 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.