පාකිස්ථානු නාවික හමුදා ප්රධානි ජනපති හමු වෙයි
පාකිස්තාන නාවික හමුදා ප්‍රධානියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.
නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින පාකිස්තාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මොහම්මඩ් අම්ජාඩ් කාන් නිආසි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීයි. දෙරට අතර සමුද්‍රීය කලාපීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම හා නාවික කටයුතු වඩාත් පුළුල්ව ඉදිරියට ගෙනයාම පිළිබද මෙහිදී කරුණු සාකච්ඡා කළා. පාකිස්තාන හා ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රධානීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post පාකිස්ථානු නාවික හමුදා ප්රධානි ජනපති හමු වෙයි appeared first on ITN News.