ආහාර සොයා ගිය අලි පවුලම වගා ළිඳකට වැටිලා !
වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වලි අලි හතරදෙනකු බේරා ගැනීමට වවුනියාව වනජිවි නිලධාරීන් සමත්ව තිබෙනවා.
විශාල අලි දෙදෙනකු හා අලි පැටවුන් දෙදෙනකු ළිඳකට වැටී ඇති බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත වනජිවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ළිඳේ පැති බම්මක කොටසක් කපා අලින් ගොඩ ගැනීමට කටයුතු කළා.
ආහාර සොයමින් යන අතරතුර අලි රංචුව වගා ළිඳට වැටෙන්නට ඇත්තේ 26 වැනිදා රාත්‍රියේ බවට සැක කරන බවයි වනජිවි නිලධාරීන් සඳහන් කළේ.
The post ආහාර සොයා ගිය අලි පවුලම වගා ළිඳකට වැටිලා ! appeared first on ITN News.