රට යන්න සිහින දකින ඔබ මෙවැනි වංචාකරුවන්ට හසුවිය හැකියි
කැනඩාවේ විදේශ රැකියා ලබා දෙන බවට දිවයින පුරා පළාත් රැසක පුද්ගලයින් හැත්තෑ හය දෙනකුට වංචා කළ පුද්ගලයෙකු
මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා ලක්ෂ හයහමාරේ සිට ලක්ෂ 36 දක්වා මුදල් ලබා ගෙන ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු විදේශ සේවා නියුක්ත කාර්යාංශය නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට භාර දී තිබෙනවා.
මෙම විදේශ රැකියා වංචාවට හසු වූ පුද්ගලයින් අද(2) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශය විශේෂ විමර්ශන ඒකකයට පැමිණ සිටියා…
අද දවසේ තිස් දෙනෙකුට වැඩි දෙනෙකුගෙන් පැමිණිලි සටහන් කර ගෙන තිබෙනවා.
මෙම මුදල් ලබාගෙන ඇත්තේ දෙදෙනකු විසින් බවත් එක් පුද්ගලයෙකු රජයේ සේවකයෙකු බවත් සඳහන්.
අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී වූ පුද්ගලයකු බවද පොලිසිය ප්‍රකාශ කළා
The post රට යන්න සිහින දකින ඔබ මෙවැනි වංචාකරුවන්ට හසුවිය හැකියි appeared first on ITN News.