බස්රථ 1800ක් මේ වසරේදී ධාවනයට – නව රැකියා අවස්ථා
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අකර්මන්‍ය තත්වයට පත්ව ඇති බස් රථ 400ක් ඇතුළුව බස්රථ 1800කට අධික ප්‍රමාණයක් මේ වසරේ ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා.
අවශ්‍ය රියදුරන් සහ කොන්දොස්තරවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කාරක සභාවට දැනුම්දුන් බව සඳහන්.
තවද ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ කුඩා බස්රථ 500ක් හිමිවීමට නියමිත බවත් තවත් විශාල බස්රථ 100ක්
ලබන වසරේදී ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.
මේ අතර ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් විවිධ මාර්ග සංවර්ධන කටයුතු අත්හිටුවීමට සිදුව ඇති බවද මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.
විදේශ ණය වැඩසටහන් යටතේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා සියලු ණය අත්හිටුවා ඇති බවත් ර ටේ වත්මන් අර්බුදය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් අත්හිටුවා ඇති වෙනත් ණය ආධාර
ලබාගත හැකි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් ප්‍රකාශ ප්‍රකාශ කර තිබෙනවා.
තවද, මෝටර් වාහන පනත යටතේ 2022 ඔක්තෝබර් 10 දිනැති අංක 2031/17 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි සහ 2022 නොවැම්බර් 14 දිනැති අංක 2036/02 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි සඳහා ද කාරක සභාවේ එකඟත්වය මෙහිදි හිමි වූ බව සඳහන්.
The post බස්රථ 1800ක් මේ වසරේදී ධාවනයට – නව රැකියා අවස්ථා appeared first on ITN News.