කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක නිවාස අඩස්සියකට
කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක නිවාස අඩස්සියකට යොමුකර තිබෙනවා.
කාම්බෝජ විපක්ෂ නායක කිම්සෝකා මෙලෙස නිවාස අඩස්සියට පත් කිරීමට අධිකරණය කටයුතු කර තිබෙනවා. එසේම ඔහුගේ ඡන්ද අයිතිය ද අහෝසි කිරීමට කටයුතු කර තිබෙනවා.
කිම් සෝකා නිවාස අඩස්සියට පත් කිරීමට හේතුව රාජද්‍රෝහී වීම ලෙසයි වාර්තා වන්නේ.
කිම්සෝකා කාම්බෝජ ජාතික ගලවා ගැනීමේ පක්ෂයේ නායකයා ලෙසයි කටයුතු කරන්නේ. 2017 වසරේදී කිම්සෝකා අත්අඩංගුවට ගත් අතර ඔහුට එල්ලවන ප්‍රධාන චෝදනාව වන්නේ ඇමෙරිකා සහාය ලබන දේශීය කණ්ඩායම් සමග සබදතා පැවැත්වීම පිළිබදවයි.
කිම් සෝකා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වශයෙන්ද කටයුතු කළ අතර 2018 සිට ඔහුගේ පක්ෂය ද ඡන්දය ඉල්ලීමේ තහනමකට ලක්ව තිබෙනවා.
The post කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක නිවාස අඩස්සියකට appeared first on ITN News.