චීනය සිය ආරක්ෂක වියදම් ඉහළ දමයි
පසුගිය වසරට සාපේක්ෂව සියයට 7කින් ආරක්ෂක වියදම් ඉහළ දැමීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පින්ග් පවසනවා.
ඒ ඔහුගේ තුන්වන ධුර කාලය ප්‍රකාශයට පත් කිරීම සදහා පැවති නිල රාජ්‍ය උත්සවයේදීයි.
මේ වනවිට චීනයේ ආරක්ෂක වියදම ඇමෙරිකා ඩොලර් බිලියන 225 ක්.
එය ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක වියදම මෙන් හතර ගුණයක් බවයි වාර්තා වන්නේ.
බටහිර රටවල් චීනයට එල්ලකරන බලපෑම් වැඩිවී ඇති බව එරට අග්‍රාමාත්‍ය ලී කර්චියෑන්ග් ද ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මේ වසරේ දී චීනයේ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය තරමක් අඩු මට්ටමක පවතිනවා.
එය සියයට 5 ක්.
The post චීනය සිය ආරක්ෂක වියදම් ඉහළ දමයි appeared first on ITN News.