බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට- 23 දෙනෙකුට තුවාල
බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු තුවාල ලැබුවා.
මාවනැල්ල ගනේතැන්න ප්‍රදේශයේ දී බස් රථ දෙක එකිනෙක ගැටී ඇත්තේ අද දහවල් කාලයේයි.
මීගමුව සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් මෙසේ එකිනෙක ගැටී තිබෙනවා.
ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු මීරිගම ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූ 23 දෙනා මාවනැල්ල රෝහලට ඇතුළත් කෙරුණා. එම අනතුර ආරක්ෂිත කැමරාවක ද සටහන්ව තිබුණා.
The post බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට- 23 දෙනෙකුට තුවාල appeared first on ITN News.