ගෙලට වැටුණු තොන්ඩුව ලිහා ජිවිතයක් බේරාගත් පොලිස් සැරයන් වරුන් දෙන්නා
අඹ ගසක් මුදුනට නැග ලණුවකින් ගෙලට තොණ්ඩුවක් දමා තම පණ තොර කරගැනීමට ගීය තිදරු පියෙකුගේ ජීවිතය උපක්‍රම ශිලිව බේරා ගැනීමට පොලිස් සැරයන්වරුන් දෙදෙනකුට හැකිවීමේ පුවතක් දඹුල්ල කණ්ඩලම පප්‍රදේශයෙන් වා ර් තා විය.
පසුගිය දින කිහිපයේම පොලිස් හදිසි ඇමතුම් අංශයට මෙන්ම දඹුල්ල මුූලස්ථාන පොලිසියට පවුල් ආරවුලක් පිළිබඳව පැමිණිලි කිහිපයක් ලැබී තිබිණි .
එකම පවුලෙන් ලැබෙන මෙම පැමිණිලි වලින් සදහන්ව ඇත්තේ අඹු සැමියන් අතර ඇතිවන ගැටුම්ක් සහ පහරදීම් ආදී බව පොලිසිය කියයි.
ඒ අනුව නැවත වරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට පසුගියදා පස්වාරු 4:30 ට පමණ ඇමතුම්ක් ලැබී ඇත්තේ එම නිවසේම ගෘහ භාණ්ඩ සියල්ල ස්වාමිපුරුෂයා විසින් කඩා බිඳ දමා විනාස කොට දරුවන්ටද බිරිඳට ද අමානුෂික ලෙස පහරදීම සිදුවන බවය .
එම පැමිණිල්ල නිවසේ කාන්තාව විසින් ලබා ලබාදී තිබිණි.
ඒ අනුව දඹුල්ල මුූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු වන 570 36 නිමල් ජයරත්න මහතාත් 46 389 යු .කේ . නිමල් පොලිස් සැරයන්වරයාත් යතුරුපැදියෙන් වහාම කණ්ඩලම ප්‍රදේශයේ නිවසට පැමිණිල්ල සඳහා පිටව ගොස් තිබේ.
පොලීසිය එම නිවෙසට යන අවස්ථාවේ ඔවුන්ගේ නෙත ගැටුනු දසුන අදහා ගැනීමටත් නොහැකි වී තිබිණි.
එනම් නිවස ඉදිරිපිට තිබුණු අඹ ගහ මුදුනට නැග මෙම නිවසේ හිමිකරු ලණුවක් ගෙන එහි එක් කෙළවරක් ඔහුගේ ගෙලට දමා අනෙක් කෙළවර අඹ අත්තක ගැට ගසමින් සිටින දසුන යි.
වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දෙදෙනා නුවණට හුරු ක්‍රියාවලියක් අනුගමනය කරන්නට විය .
එනම් පොලිස් සැරයන් නිමල් ජයරත්න තම සහායට පැමිණි පොලිස් සැරයන් යු.කේ . නිමල් සමග කඩිනමින් ඊට මැදිහත් වීම සිදු කරමින් යු .කේ . නිමල් මහතා
ගස උඩ සිටින පුද්ගලයාට ඇසෙන්නට එක වැරම හදිසි ඇමතුම් ලබා දුන් නිවසේ සිටින බිරිඳට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් පිරිමියකුගේ අගය වටිනාකම ගුණ වර් ණා කරන්නට උයේ ගස් උඩ සිටින අයට දැනෙන්නට වීම විශේෂත්වයකි.
ස්වාමි පුරුෂයා ආදරයෙන් බලා ගැනීම බිරිඳකගේ වගකීම බවත් බැරිවෙලා හෝ ස්වාමිපුරුෂයා අහිමිවීමෙන් බිරිඳට දරුවන්ට සිදුවන පාඩුවේ අත්දැකීම් දැඩි ලෙස පොලිස් නිලධාරිවරයා මහ හයියෙන් බිරිඳට කියා බනින්නට විය .
පැමිණිලි කාර බිරිඳ පොලිස් නිලධාරියාට බැනවදින්නට වුයේ තමන් පැමිණිලි කාරිය බවත් පොලිසිය සැමියාගේ පැත්ත ගෙන ඇති බවට චෝදනා කාරමින්ය.
සියදිවි තොරකර ගැනීමට උත්සාහ කළ ගස් මුදුනේ සිටි තිදරු පියා පණ තොරකර ගැනීම ප්‍රමාද කරමින් බිරිඳට බැනවදින්නේ කවුරුන්දැයි පහල බලමින් සිටින අවස්ථාවේ අඹ ගසේ පහලින් ඔහුට ද නොදැනෙන්නට පොලිස් සැරයන් නිමල් ජයරත්න කඩිනමින් අඹ ගහට නැග එක වැරම සිය දිවි තොර කර ගැනීමට සිටින
පුද්ගලයා බදාගෙන ගෙලේ දමා තිබුණු ලණුව ඉවත් කරන්නට වීම විශේෂත්වයකි.
ඒ අනුව ගස් මුදුනින් තිදරු පියා පහලට කැඳවාගෙන ගොස් බිරිඳ දරුවන් තිදෙනා ලං කරගෙන පොලිස් නිලධාරීන් දෙදෙනා පැය දෙකක පමණ කාලයක් ජීවිතය ලැබීම පිළිබඳව, අඹු සැමි ආරවුල් පිළිබඳව, සැකය පිළිබඳව, ආර්ථික ප්‍රශ්න පිළිබඳව මෙන්ම දරුවන්ගේ අනාගතය ස්වාමිපූ ස්වාමිපුරුෂයෙකු ගේ වගකීමිව බිරිඳකගේ වගකීම ආදී සියල්ල මෙම දෙපලට වටහා දීම සිදු කරන්නට විය.
ජීවිතය තොර කර ගැනීමට ගිය පුද්ගලයා හදිසි ඇමතුම් ලබා දී තම ස්වාමිපුරුෂයාට නීති හරහා දඬුවම් ලබා දීමට ගිය බිරිඳ මෙම දෙදෙනාගේම අසරණ තාවයට පත් ව සිටින දරු දෙදෙනාත් සාම දාන කිරීමට ආර්ථික ප්‍රශ්න ගැටලු හමුවේ මේ දිනවල මිනිස් ජීවිත අහිමි වන පුවත් රැසක් පිළිබඳව දරුවන් බිරිඳ ආදී සියල්ල සිය පණ තොර කර ගැනීම පිළිබඳව පළවී තිබූ පුවත් තම ජංගම දුරකථන වලින් ලබාගෙන ඒවා මෙම දෙපළට පෙන්වීම් මෙන්ම ඇතැම් දරුවන්ට පසුව සිදුවන මහා විනාශයන් පිළිබඳව නිසි අවබෝධයක් ලබාදීමට පොලිස් නිලධාරීන් දෙදෙනාට හැකිවිය.
අවසානයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනාට ස්තුති කොට මෙම අඹුසැමි යුවළ දරුවන් සමඟ ජීවත්වන බව පොරොන්දු වීම ද විශේෂත්වයකි.
The post ගෙලට වැටුණු තොන්ඩුව ලිහා ජිවිතයක් බේරාගත් පොලිස් සැරයන් වරුන් දෙන්නා appeared first on ITN News.