චීනයේ නගර රැසක උෂ්ණත්වය ඉහළට
චීනයෙන් වාර්තා වු උෂ්ණත්වය මාර්තු මස මුල් සතියේ දී වාර්තා ගත මට්ටමකට පැමිණ තිබෙනවා.
චීනයේ ප්‍රධාන නගර රැසකින් වාර්තා වු උෂ්ණත්වය පසුගිය සතියේ දී සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
වූහාන් , බීජිං හා ෂෙන්ග්ෂෝ ඇතුළු නගර රැසක මෙලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියේ දී එම නගරයන් හි උෂ්ණත්වය සටහන් වුයේ සෙල්සියස් අංශක 26ක් ලෙසයි.
පසුගිය වසරේ මෙම කාලයේ දී චීනයට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් නියං තත්ත්වයක් ද හටගත්තා.
The post චීනයේ නගර රැසක උෂ්ණත්වය ඉහළට appeared first on ITN News.