මෙරාපි සක්රීය වෙයි
ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද සක‍්‍රිය වීමත් සමග ඒ අවට ගම්මාන අළු සහ දුම්වලින් වැසී ගොස් ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
මේ හේතුවෙන් අවට ගම්මාන අටක් පමණ පීඩාවට පත්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඉන් මේ වන විට කිලෝමීටර් හතක පමණ දුරකට ලාවා සහ දුමාරය පැතිර ඇති බවද වාර්තා වනවා.
ගිනි කන්දේ සිට කිලෝමීටර් 3 ත් 7 ත් අතර භූමි ප‍්‍රදේශය අවදානම් කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර
ඉන්දුනීසියාවේ දෙවැනි උසම ගිනි කන්ද වන මෙරාපි එරට වඩාත් සක‍්‍රියම ගිනි කඳුවලින් එකක් ලෙස සැලකෙනවා
The post මෙරාපි සක්රීය වෙයි appeared first on ITN News.