ජනපතිගෙන් චීන ජනපතිට සුබ පැතුම්
තුන්වන ධුර කාලය සඳහාද තේරී පත්වූ චීන ජනාධිපති ෂී ජින් පින් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග හමුවේ විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ ක්‍රියාවලියේදී චීනය දක්වන සහයෝගයද එහිදී ජනාධිපතිවරයා විසින් අගය කර ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ දෙරටේ සහයෝගීතාව චීන ජනාධිපතිවරයාගේ නව ධුරකාලය තුළ තව දුරටත් ශක්තිමත්ව වර්ධනය වනු ඇති බවට විශ්වාසය පළකරන බවය.
The post ජනපතිගෙන් චීන ජනපතිට සුබ පැතුම් appeared first on ITN News.