මෙරට ගුවන් යානා අනතුරු විමර්ශනයට ප්රථමවරට ස්වාධීන කණ්ඩායමක්
මෙරට ගුවන් යානා අනතුරු විමර්ශනයට ප්රථමවරට ස්වාධීන කණ්ඩායමක් පත්කෙරුණා.
ගුවන් යානා අනතුරු විමර්ශකවරුන් 11 දෙනෙකුට මෙසේ පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
ශ්‍රී ලංකාවට අයත් ගුවන් අවකාශය තුළ සිදුවන ගුවන් අනතුරු පිළිබඳ සත්‍ය තොරතුරු හඳුනාගැනීමත් එම අනතුරු සිදුවූයේ කෙසේද යන්න පිළිබඳවත් එවැනි අනතුරු යළි සිදු නොවීමට ගත යුතු පියවර නිර්දේශ කිරීමත් මෙම නිලධාරීන්ගේ රාජකාරිය වනවා.
මෙම පිරිසට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මගින් ලබාදී තිබෙනවා. ඒ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුවයි.
ඉදිරියේදී මෙය අනතුරු විමර්ශන කාර්යාංශයක් බවට පත්කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
The post මෙරට ගුවන් යානා අනතුරු විමර්ශනයට ප්රථමවරට ස්වාධීන කණ්ඩායමක් appeared first on ITN News.