ගුවන් හමුදා 72 සංවත්සරයට ධජ ආශිර්වාද ගැන්වීම ජය ශ්රී මහා බෝ සමිඳු අභියස දී
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් හමුදා ධජ ආශිර්වාද ගැන්වීම අනුරාධපුරය ජය ශ්රී මහා බෝසමිදුන් අභියසදී සිදු කෙරුණා.
ගුවන් හමුදා ධජ ආශිර්වාද ගැන්වීම සිදු කෙරුණේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ ඇතුළු මහාසංඝයා වහන්සේ විසිනුයි. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා. ගුවන් හමුදාවට අයත් සියලුම අංශවලට අදාළ ධජවලට ආශිර්වාද කිරීම මෙහිදී සිදු කෙරුණා.
The post ගුවන් හමුදා 72 සංවත්සරයට ධජ ආශිර්වාද ගැන්වීම ජය ශ්රී මහා බෝ සමිඳු අභියස දී appeared first on ITN News.