IMF විධායක කමිටු රැස්වීමේදී ණය ලබා ලබාගැනීමට අනුමැතිය ලැබෙන බව විශ්වාසයි
පරිවර්තන රාශියකින් පසුව ණය ගෙවා ගැනීමට හැකි රටක් ලෙස ලෝකයට පෙන්වා දී ඇති හෙයින් හෙට දිනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකාවට ණය ලබා ලබාගැනීම සම්බන්ධ අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඇතැම් සුළු පිරිසක් විසින් සැලසුම් සහගත ලෙස සෘණාත්මක තත්වයක් ඇති කිරීම සඳහා කටයුතු කළ ද පාර්ලිමේන්තුව, මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව ඇතුළු රටේ ජනතාව ද සහාය ලබා දුන් බැවින් වගකීමකින් යුතුව කටයුතු කිරීමට ආණ්ඩුවට හැකි වූ බව රාජ්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ආණ්ඩුවේ ක්‍රියාවලිය අකර්මණ්‍ය කිරීමට කටයුතු නොකළ හොත් රටේ ස්ථාවරත්වය තවදුරටත් වැඩි කිරීමට හැකියාව පවතින බවත් ඉදිරි වර්ෂයේදී ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීමට හැකියාව පවතින බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරියටද මඟ පෙන්වීම සහ උපදෙස් ලබාදීමත්, ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන පනත් කීපය හේතුවෙනුත් රට තුළ සිදුවන මූල්‍ය වංචා හා දූෂණ ඇති වීමට ඉඩ නොලැබෙන බව ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
රටේ ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක කමිටුවේ අනුමැතිය ලද එකගතාවය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිත බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ එකඟතාවය පිළිබඳව ආණ්ඩුව විසින් විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන බවත් එය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවත් ඒ මහතා පවසයි.
රට තුළ ඇතැම් කණ්ඩායම් සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් රජය පමණක් නොව රටේ සාමාන්‍ය ජනතාවද අපහසුතාවයට පත් විය හැකි බවත් එසේ ජනතාවට සිදුවන පීඩාවට එම කණ්ඩායම් වගකීම බාර ගත යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
The post IMF විධායක කමිටු රැස්වීමේදී ණය ලබා ලබාගැනීමට අනුමැතිය ලැබෙන බව විශ්වාසයි appeared first on ITN News.