පවුල් ආරවුලක් විසඳන්න ගිය පොලිසියේ දෙදෙනෙක්ට ගහලා
විමර්ශන කටයුත්තකට එක්ව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකළ හිටපු එල්ටිටීඊ සාමාජිකයෙකු අත්බෝම්බයක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඹුසැමි ආරවුලක් සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක විමර්ශන කටයුතු සදහා කාත්තන්කුඩි , ආරියම්පති ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටයි මෙසේ පහර දී ඇත්තේ.
පහරදීම සිදුකළ හිටපු එල්ටීටීඊ සාමාජිකයා අත්බෝම්බයක්ද සමග අත්අඩංගුවට ගනු ලැබුවා.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
The post පවුල් ආරවුලක් විසඳන්න ගිය පොලිසියේ දෙදෙනෙක්ට ගහලා appeared first on ITN News.