ලොව මහ බැංකු රැසක් හදිසි තීරණයක් ගනී
මුදල් සංසරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලොව මහ බැංකු රැසක් ඉක්මන් පියවර ගෙන තිබෙනවා.
ඇමෙරිකාවේ බැංකු දෙකක් කඩාවැටීම හා ස්විස් මූල්‍ය ආයතනය ගෝලීය වෙළෙදපලතුළ අර්බුදයට ලක්වීම හමුවේයි මෙම පියවර ගෙන ඇත්තේ.
බ්‍රිතාන්‍ය මහ බැංකුව ඇතුළු මහ බැංකු 6ක් ඇමෙරිකා ඩොලරය හුවමාරුවීම ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
2008 වසරේ ආර්ථික අර්බුද සමයේදී හා කොවිඩ් වසංගතය හමුවේ ද ලොව මහ බැංකු රැසක් මෙම පියවර ගනු ලැබුවා.
අර්බුදයට ලක්ව සිටින ස්විස් මූල්‍ය ආයතනය මිලදී ගැනීමට යූබීඑස් බැංකුව පසුගියදා පියවර ගත්තා.
ඇමෙරිකාවේ සිලිකන් වැලි හා සිග්නේචර් බැංකු කඩාවැටීමත් සමග ගෝලීය කොටස් වෙළදපල ද යම් අගයකින් පසුබැස ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
The post ලොව මහ බැංකු රැසක් හදිසි තීරණයක් ගනී appeared first on ITN News.