කඳුකර වන ගහණය ඉතා සීඝ්රයෙන් විනාශ වෙමින් පවතින බවට නවතම සමීක්ෂණයක් හෙළිකරයි
කඳුකර වනාන්තර ගහණය ඉතා සීඝ්රයෙන් විනාශ වෙමින් පවතින බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
ලොව වඩාත් වැඩි ජෛව විවිධත්වයක් සහිත වනාන්තර මෙලෙස විනාශ වෙමින් පවතින බවයි විද්‍යාඥයින් පවසන්නේ.
ලොව කදුකර වනාන්තර ගහණයෙන් 7%කට වැඩි ප්‍රමාණයක් 2020 වසරේ සිට මේ දක්වා විනාශයට පත්ව ඇති බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.
එම ප්‍රමාණය ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට වඩා විශාල වන බව ද සඳහන්.
ඒ සමගම එම කලාප වල ජිවිත්වන වන ජිවින් ද අනතුරට මුහුණ පා සිටිනවා.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙලෙස කදුකර වනගහණය විනාශයට මුහුණ දී සිටින බව ද එම වාර්තාවේ දැක්වෙනවා.
ලොව පක්ෂීල ක්ෂීරපායින් හා උරග ගහණයෙන් 85%කට වැඩි ප්‍රතිශතයක් වාසය කරන්නේ කඳුකර වනාන්තර තුළයි.
The post කඳුකර වන ගහණය ඉතා සීඝ්රයෙන් විනාශ වෙමින් පවතින බවට නවතම සමීක්ෂණයක් හෙළිකරයි appeared first on ITN News.