ප්රවීණ රංගන ශිල්පී ගාමිණී වානගුරු මහතාගේ අවසන් කටයුතු පස්වරුවේ
ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ලකී ගාමිණී වානගුරු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
චිත්‍රපට රැසකට රංගනයෙන් එක්වූ ඒ මහතා දමයන්ති, සදහටම ඔබ මගේ, දිනුම් කණුව යන චිත්‍රපටවල රංගනයෙන් රසිකයින් අතර ජනප්‍රිය විය.
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ඩඩ්ලි වානගුරු මහතාගේ වැඩිමල් පුතු වූ ඒ මහතා ප්‍රවීණ රංගන ශිල්පිණී මානෙල් වානගුරු මහත්මියගේ වැඩිමල් සොහොයුරාය.
ඒ මහතාගේ අවසන් කටයුතු පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇත.
The post ප්රවීණ රංගන ශිල්පී ගාමිණී වානගුරු මහතාගේ අවසන් කටයුතු පස්වරුවේ appeared first on ITN News.