රූපවාහිනී මහගෙදර නිර්දේශ ගොන්නක් සමගින් රයිගම් සම්මන උළෙලේ
විශිෂ්ට රූපවාහිනි මාධ්‍ය කලාවක් උදෙසා උරදෙන ශිල්පීන් සහ මාධ්‍ය ආයතනයන්හි දායකත්වය ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් පැවැත්වෙන රයිගම් ටෙලිස් සම්මාන උළෙල අති උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වෙනවා.
මෙවර සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති නිර්දේශ වුණා. රයිගම් ටෙලිස් සම්මාන 36ක් සදහා ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය මෙවර නිර්දේශ වී තිබිමත් විශේෂත්වයක්.
මෙවර නිර්දේශිත නාම අතර අයි ටී එන් මාධ්‍ය ජාලය සම්මාන 36ක් සදහා ඇති අතර ඒ අතුරින් අයි ටී එන් හි විකාශය වු නාට්‍ය, සම්මාන 26කට නිර්දේශ වී තිබෙනවා. රයිගම් ටෙලිස් 2022 සම්මාන උළෙල සදහා වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්තී විකාශය සදහා ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති නිර්දේශ වී තිබෙනවා.
මෙවර වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකා සිංහල සදහා ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති අංශයේ මධුනිකා කරපුටුගල නිර්දේශ වුණා. ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති අංශයේ ශ්‍රිහාන් කණිෂ්ක ආරියසිංහ වසරේ විශ්ෂටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක සිංහල සදහා නිර්දේශ වී තිබෙනවා. වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක දමිළ සදහා වසන්තම් ටීවි ප්‍රවෘත්ති නිවේදක මොහොමඩ් හස්ලි නිර්දේශ වුණා.
කින්ඩම් ඔෆ් රයිගම් හි සභාපති ආචාර්ය රවී ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කෙරෙන රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙල අතිඋත්කර්ෂවත් ලෙස ෂැංග්‍රිලා හෝටල් පරීශ්‍රයේදී පැවැත්වෙනවා.
The post රූපවාහිනී මහගෙදර නිර්දේශ ගොන්නක් සමගින් රයිගම් සම්මන උළෙලේ appeared first on ITN News.