ජිලේ ගේ මෙරට ප්රධාන මත්ද්රව්ය ජාවාරම්කරු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ජිලේ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දැක්වු පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත්තා.
නිවාඩු නිකේතනයක කළමනාකරුවෙකු ලෙස පෙනී සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු ප්‍රධාන පුද්ගලයා මොහු බවටයි තොරතුරු හෙළිවී තිබෙන්නේ.
ඔහු ලග තිබි රුපියල් ලක්ෂ 10කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් ද කොළඹ අපරාධ කොට්ඨාශය සොයා ගත්තා.
ඊට අමතරව හෑෂ් ග්‍රෑම් 150ක්, අයිස් මිලිග්‍රෑම් 5100ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් හයලක්ෂ දොළොස්දහසකට වැඩි මුදලක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.
ඩුබායිහි සැගව සිටින ජිලේ නැමැත්තාගේ සහෝදරායට අයත් නිවාඩු නිකේතනය කළමනාකරු ලෙස පෙනි සිටිමිනුයි සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙන්නේ.
The post ජිලේ ගේ මෙරට ප්රධාන මත්ද්රව්ය ජාවාරම්කරු අත්අඩංගුවට appeared first on ITN News.