විශ්රාමික හා ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කාබනික වගාව පිළිබඳ පුහුණු වැඩසටහනක්
යුද හමුදාවේ විශ්‍රාම ගිය හා ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නව තාක්ෂණය සමඟින් කාබනික වගාවන් පිළිබඳ පුහුණුව ලබාදීමේ වැඩසටහන් ආරම්භ කෙරුණා.
දිඹුලාගල දළුකාන සිංහ උද්‍යානගම දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.
ඒ යුද හමුදා රණවිරු සේවා අධිකාරියට අනුයුක්තව කටයුතු කරන කෝප්‍රල් සුමිත් කුමාරගේ ප්‍රධානත්වයෙනුයි.
කාබනික පොහොර නිෂ්පාදනය පිළිබද මෙහිදී දැනුම ලබාදීම සිදු කෙරුණා. එමෙන්ම මෙම කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක වගා කටයුතු සිදුකළ හැකි ආකාරය පිළිබඳව ද දැනුවත්කර තිබෙනවා.
අම්පාර , මඩකලපුව , කුරුණෑගල යන ප්‍රදේශවල ක්‍රියාත්මක කළ මෙවැනි වැඩසටහන් වලින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා.
The post විශ්රාමික හා ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කාබනික වගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් appeared first on ITN News.