පියා ඝාතනය කිරීමේ වරදට පුතුන් දෙදෙනා ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට
යාපනය කොඩිකාමම් පොලිස් වසමේ මිරුසුවිල්, කරම්බම් ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහරදී පියා ඝාතනය කිරීමේ වරදට සැකපිට පුතුන් දෙදෙනා ඇතුලු තිදෙනෙකු ඊයේ දින අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.
කරම්බම් ප්‍රදේශයේ තාවකාලික නිවසක් තුලදී පසුගිය 31 වනදා තියුණු ආයුධවලින් පහරදී ඝතනය කොට තිබූ අදාල දෙදරු පියාගේ මළසිරුර හමුවී ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණයේදී එම මරණය ඝාතනයක් බවට අනාවරනය වීමෙන් අනතුරුව පුලුල් පරික්ෂණයක් කොඩිකාමම් පොලීසිය විසින් ආරම්භ කරන ලදි.
මිය ගිය පුද්ගලයා පවුලෙන් වෙන්ව වෙනම තාවකාලික නිවසක ජීවත්ව ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි සිවසෝති සිවකුමාර් නැමති දෙදරු පියෙකි.
පොලීසිය විසින් ආරම්භ කරන ලද පරික්ෂණ වලදී අනාවරනය වී ඇත්තේ මිය ගිය පියා සහ ඔහුගේ දරුවන් දෙදෙනා අතර ගෙවී ගිය දින කිහිපයේදී බහින්බස්වීම් ඇතිව තිබෙන බවටය. අනතුරුව ඒ ඔස්සේ පරික්ෂණ සිදුකල පොලීසිය විසින් පුතුන් දෙදෙනා සමග තවත් අයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
අවුරුදු 17 සහ 19 වයස්හි පසුවන මෙම දරුවන් දෙදෙනා විසින් පියා සිටි තාවකාලික නිවසට පැමිණ ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසුව පුතුන් දෙදෙනා විසින් තියුණු ආයුධවලින් පහරදී ඇති බවට පොලීසිය සැකපල කරන අතරම අදාල ඝාතනයට සහය දුන් තවත් අයෙකුද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
එමෙන්ම අදාල ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ කිහිපයක්ද අසල වතුර ඇලක තිබී පොලීසිය විසින් සොයානෙ ඇති අතර සැකකරුවන් චාවකච්චේරි අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
The post පියා ඝාතනය කිරීමේ වරදට පුතුන් දෙදෙනා ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.