නිවුන් රූපරාජිණිය හා තරුණයා තේරීමේ තරඟය බණ්ඩාරනායක සම්මන්ත්රණශාලා පරිශ්රයේදී
නිවුන් රූපරාජිණි හා නිවුන් කඩවසම් තරුණයින් තේරීමේ තරග බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ දී පැවැත්වුණා.
මිස් ඇන්ඩ් මිස්ටර් ට්වින් ශ්‍රී ලංකා 2023 නමිනුයි එම තේරීම් තරඟ නම් කර තිබුණේ.
පළමුව තෝරා ගන්නා නිවුන් රූපරාජිණියන් හා නිවුන් කඩවසම් තරුණයින් තරඟ වට දෙකක් සදහා ඉදිරිපත් කෙරෙණු ඇති.
ඉන් අනතුරුවයි තෝරා ගනු ලබන නිවුන් රූපරාජිණියන් හා නිවුන් කඩවසම් තරුණයින් අවසන් මහා තරගය සදහා ඉදිරිපත් කරනු ලබන්නේ.
ඉන් ජයග්‍රහණය හිමි කර ගන්නා නිවුන් රූපරාජිණියන් හා නිවුන් කඩවසම් තරුණ යුවළ ලෝක තරගාවලියට ඉදිරිපත් කිරීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ.
අද පැවති තෝරා ගැනීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ ව්‍යාපාරික දීලිප් ජයවීර මහතායි. ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘවරියන් මෙන්ම ලෝක නිවුන් සංවිධානයේ උපසභාහපතීත්වය දරන උපුලි ගමගේ හා චමරි ගමගේ යන දෙදෙනාගේ සංකල්පයකට අනුවයි මෙය සංවිධාන කර ඇත්තේ.
The post නිවුන් රූපරාජිණිය හා තරුණයා තේරීමේ තරඟය බණ්ඩාරනායක සම්මන්ත්රණශාලා පරිශ්රයේදී appeared first on ITN News.