තවමත් වැඩි බස් ගාස්තු අය කරන බස් රථ අද සිට වටලයි
සංශෝධිත බස් ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය නොකර වැඩි ගාස්තු අයකරන බස්රථ පරීක්ෂා කිරීමේ වැඩසටහන අද (03) දා සිට ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
එම අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ සංශෝධිත බස් ගාස්තු ලේඛනය සියලු මගීන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවයි.
අනුමත බස් ගාස්තුව අය නොකොට වැඩි ගාස්තු අය කරන බස් රථ වැටලීමට පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
පසුගිය 29 දා ඩීසල් මිල අඩු වීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය 31 දා සිට බලාත්මක වූ අතර එම බ සංශෝධිත බස් ගාස්තු ලේඛනය ප්‍රාදේශීය කාර්යාල හතක් හරහා බස් රථ හිමියන්ට ලබාදී තිබුණා .
වැඩි ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි අනුව 03 දා සිට බස්නාහිර පළාතේ පර්යන්ත වලින් ගමන් ආරම්භ කරන සියළුම බස් රථ ගමන් ආරම්භයට පෙර සංශෝධිත ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.
එසේ නොකරන බස් රථ වලට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවයි අධිකාරිය සඳහන් කළේ.
යම් පැමිණිල්ලක් වෙතොත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ 0112 860860 අංකයට අමතා ලබා දෙන ලෙස සභාපති ප්‍රසන්න සංජීව මහතා මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.
The post තවමත් වැඩි බස් ගාස්තු අය කරන බස් රථ අද සිට වටලයි appeared first on ITN News.