යාපනය මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 17ක් නාවික හමුදා භාරයට
යාපනය නගර්කොවිල් සහ කුඩරිප්පු මුහුදු ප්‍රදේශයන්හි නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 17 දෙනෙකු සහ යාත්‍රා 06 ක් සමගින් මුහුදු කූඩැල්ලන් 3005ක් ඊයේ දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසනවා.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් ඊයේ දින නගර් කෝවිල් මුහුදු සීමාවේදී සිදුකරන ලැබූ සෝදිසියකදී ඩිංගි යාත්‍රා 04 කින් ධීවරයින් 12 දෙනෙකු විසින් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී දැල් ආම්පන්න යොදාගනිමින් මුහුදු කූඩැල්ලන් 1305 ක් අල්ලා සිටියදී එම ධීවරයින් පිරිස හා කිමිදුම් උපකරණද සමගින් නාවික හමුදා භාරයට ගනු ලැබුවා.
මේ අතර එදිනම උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කුඩරිප්පු මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී ඩිංගි යාත්‍රා දෙකකින් ධීවරයින් 05 දෙනෙකු විසින් නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් 1700 ක් අල්ලා සිටියදී නාවික හමුදා භාරයට පත්වීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනයේ සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 20 ත් 53 ත් අතර වියේ පසුවන්නන් වන අතර ඔවුන් සහ මුහුදු කූඩැල්ලන් සමඟ ධීවර යාත්‍රාද වැඩිදුර පරික්ෂණ කටුයුතු සඳහා යාපනය සහ තාලයඩි ධීවර පරික්ෂක කාර්යාලයට භාර දීමට නාවික හමුදාව පියවර ගත්තා.
The post යාපනය මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 17ක් නාවික හමුදා භාරයට appeared first on ITN News.