චීන බෞද්ධ ජනතාව පරිත්යාග කළ වියලි ආහාර තොගයක් අඩු ආදායම් ලාභී පවුල් වෙත
මෙරට වෙහෙර විහාරස්ථානවලට හා ජනතාවට ලබා දෙන පරිත්‍යාග ශීලී උපකාර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන බෞද්ධ ජනතාවට ස්තුතිය පල කළා.
ඒ ගංගාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්.
චීන බෞද්ධ ජනතාව පරිත්යාග කළ වියලි ආහාර ද්‍රව්‍ය තොගයක් අඩු ආදායම් ලාභී පවුල් වෙත බෙදාදිම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදු වුණා.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්, ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති අජිත් ධර්මවර්ධන යන මහත්වරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ප්‍රදේශයේ දිලිදු ජනතාවට දිනපතා දිවා ආහාරය සපයන ගංගාරාම ප්‍රජා ආහාර මධ්‍යස්ථානය නිරීක්ෂණයට ද අග්‍රාමාත්‍යවරයා හා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා එක් වුණා.
The post චීන බෞද්ධ ජනතාව පරිත්යාග කළ වියලි ආහාර තොගයක් අඩු ආදායම් ලාභී පවුල් වෙත appeared first on ITN News.