හරක් කටාගේ ප්රධාන ගෝලයෙකු කොටුවෙයි
නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සහ මිදිගම කුඩු චුටිගේ ප්‍රධාන ගෝලයෙකු සහ තවත් අපරාධවලට සම්බන්ධ අයෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
විශේෂ කාර්ය බලකායට ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුවයි මෙහෙයුම සිදු කර ඇත්තේ.
හෙරෝයින් ග්‍රෑම් 16යි මිලි ග්‍රෑම් 200ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි මොහු සහ ඔහු සමඟ ගමන් ගත් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇත්තේ.
ඔවුන් වයස අවුරුදු 33ක් හා 21ක් යන වසයස් වල පසුවන පුද්ගලයන්.
නදුන් චින්තක නොහොත් හරක් කටාගේ ප්රධාන ගෝලයෙකු වන මෙම පුද්ගලයාට 2017 වසරේ දී පාතේගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධයෙන් සහ පහරදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වු අයෙක්.
මිදිගම පොලිස් ස්ථානය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
The post හරක් කටාගේ ප්රධාන ගෝලයෙකු කොටුවෙයි appeared first on ITN News.