“ITN පුංචි අපේ අවුරුදු” උත්සවය සීතාවක උද්භිද උද්යානයේදී අද දවස පුරා
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධාන කළ පුංචි අපේ අවුරුදු උත්සවය අවිස්සාවේල්ල සීතාවක උද්භීද උද්‍යානයේදී අද දවස පුරා පැවැත්වෙනවා.
අලුත් අවුරුදු උත්සවයට සහභාගී වීම සඳහා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද අද උදෑසන සිටම සීතාවක උද්භීත උද්‍යානයට පැමිණ සිටියා.
පොල්තෙල් පහන දල්වමින් අලුත් අවුරුදු උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා.
ස්වාධීන රූපවාහිනීයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් මීට එක්ව සිටිනවා.
එමෙන්ම අවුරුදු උත්සවයේ අනුග්‍රාහක ආයතන රැසක නියෝජිතයන් පිරිසක් ද පැමිණ සිටිනවා.
ජන ක්‍රීඩා රැසක්ම පුංචි අපේ අවුරුදු උත්සවයට එක්කර තිබෙනවා.
The post “ITN පුංචි අපේ අවුරුදු” උත්සවය සීතාවක උද්භිද උද්යානයේදී අද දවස පුරා appeared first on ITN News.