පාස්කු ඉරිදා වතුකරයේ ප්රධාන දේව මෙහෙය හැටන් ශ්රි කුරුස දේවස්ථානයේදි
කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු දිනය අදට (09) යෙදී තිබෙනවා.
පාස්කු දින වතුකරයේ ප්රධාන දේව මෙහෙය හැටන් ශ්රි කුරුස දේවස්ථානයේදි පැවැත් වුණා. එම දේවස්ථානයේ ප්‍රධාන පියතුමණ් වන නිව්මන් පිරිස් පියතුමණ්ගේ
ප්‍රධානත්වයෙන් පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අතර, එම දේව මෙහෙයට වතුකරයේ කිතුනු බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටිහ.
එම දේව මෙහෙයේදි පාස්කු ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් පිරිස සිහිපත් කරමින් යාඥාවක්ද සිදු කල අතර, එම දේවස්ථානයට ඊයේ (08) දින සිට යුධ හමුදා සහ පොලිසිය එක්ව දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.
දේවස්ථානය අසල මෝදර ප්‍රදේශයෙන් පැමිණ යාචකයන් ලෙස සැකකටයුතු ලෙස සැරිසරමින් සිටි එකම පවුලේ පිරිසක් ඉවත් කිරිමට ආරක්ෂක අංශ නිලධාරින් පියවර
ගැණින.
The post පාස්කු ඉරිදා වතුකරයේ ප්රධාන දේව මෙහෙය හැටන් ශ්රි කුරුස දේවස්ථානයේදි appeared first on ITN News.