ඇමෙරිකාවේ මොන්ටානා ප්රාන්තය TikTok තහනම් කරයි
ටික්ටොක් යෙදුම තහනම් කළ ප්‍රථම ඇමෙරිකානු ප්‍රාන්තය බවට මොන්ටානා පත්ව තිබෙනවා.
ජංගම දුරකතන මත ටික්ටොක් යෙදවුම තහනම් කරමින් පනතක් සම්මත කර ගැනීමට මොන්ටානා ප්‍රාන්ත රජය කටයුතු කළා.
මෙම පනත 57ට 43ක් වශයෙන් සම්මතව තිබෙනවා.
මොන්ටානා ප්‍රාන්ත රජය පවසන්නේ මෙම යෙදුම ඇමෙරිකාවේ භාවිත කරන තරුණ පරිශීලකයන් බොහෝ අවදානම් ක්‍රියා වීඩියෝගත කොට පළ කිරීම හේතුවෙන් එය තහනම් කිරීමට කටයුතු කළ බවයි.
මේ අනුව පනත උල්ලංඝනය කරන අයට එරෙහිව ඩොලර් දස දහසක දඩ මුදලක් නියම කිරීමට ද මොන්ටානා අධිකරණය මින් ඉදිරියකට කටයුතු කරනු ඇති.
මේ අතර ටික්ටොක් යෙදුම චීන සමාගමකට අයත් වීම හේතුවෙන් මෙමගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව ඇමෙරිකා රජය මීට පෙර චෝදනා කළා.
The post ඇමෙරිකාවේ මොන්ටානා ප්රාන්තය TikTok තහනම් කරයි appeared first on ITN News.