ස්වෛරී ණය දෙන්නන් තවමත් ණය සාකච්ඡා සැළසුම් ඉදිරිපත් කර නැහැ
ස්වෛරී ණය දෙන්නන් තවමත් ණය සාකච්ඡා සැළසුම් ඉදිරිපත් කර නැති බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරනවා.
ඩොලර් බිලියන 7.1 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දෙන්නන් රට සමඟ සම්බන්ධ වන්නේ කෙසේද සහ ඔවුන් නිල කමිටුවක් පිහිටුවන්නේද එසේත් නැත්නම් ද්වීපාර්ශ්වික සාකච්ඡාවලට සම්බන්ධ වන්නේද යන්න තවමත් රජයට දන්වා නැති බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරනවා.
රොයිටර් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.
සිය දේශීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහලගත කිරීම අවසන් කිරීමෙන් පසු මැයි මාසයේදී චීනය ඉන්දියාව ඇතුළු විදෙස් ණය හිමියන් සමඟ විධිමත් ලෙස ණය සාකච්ඡාවල යෙදීම අරමුණ බවයි මහබැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
The post ස්වෛරී ණය දෙන්නන් තවමත් ණය සාකච්ඡා සැළසුම් ඉදිරිපත් කර නැහැ appeared first on ITN News.