How can Sri Lankan charities find international donors and partners?

වසත් සිරිය 2023 සඳහා අයදුම්පත් කැඳවයි

- itnnews.lk

“වසත් සිරිය 2023” අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය, ස්ටෑන්ඩඩ් පාපැදි සවාරිය, කොට්ටා පොර සහ කඹ ඇදීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ එක්ව සංවිධානය කරනු ලබන “වසත් සිරිය 2023” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් සඳහා අයදුම් පත් කැඳවීම ආරම්භ කර ඇති බවයි ජනාධිපති ,මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සියලු අයදුම්පත් www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

“වසත් සිරිය” අවුරුදු කුමරා/ කුමරිය (විවෘත ) තරගය සඳහා මාස 03ක් ඇතුළතදී ගත් වර්ණ ඡායාරූපයක් සමඟ අයදුම් කළ යුතු වනවා

සියලු අයදුම්කරුවන් වයස අවුරුදු 20-35 අතර අවිවාහක අය විය යුතුයි.

සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය chiefacct.pd@presidentsoffice.lk විද්‍යුත් ලිපිනය වෙත 2023.04.20 දින ප.ව 3.00ට පෙර ලැබීමට සැලැස්විය යුතුය.

පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා රන් ආභරණ සහිත වටිනා ත්‍යාග පිරිනැමේ. තරග කොන්දේසි සම්බන්ධ අවසාන තීරණය සංවිධාන කමිටුව සතු වන අතර වැඩි විස්තර ඒ.ජී.එම්.ඉසංකා මිය (සම්බන්ධීකාරක)-දු.ක.-0702025095 ඇමතීමෙන් ලබාගත හැකිය.

එමෙන්ම “වසත් සිරිය” මැරතන් ධාවන තරගය සඳහා අයදුම්කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිලෝ මීටර් 20ට වැඩි තරගයක් ධාවනය කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවට වෛද්‍ය වාර්තාවක් ද සමඟ අයදුම් කළ යුතු වේ.

මෙම අයදුම්පත්‍ර 2023 අප්‍රේල් මස 21 වන දින මධ්‍යාහ්න 12.00ට පෙර ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක අංශය වෙත ලබාදිය යුතු අතර priyanthalalwkas@gmail.com ඊ-මේල් ලිපිනය ඔස්සේ හෝ 0710573828 වට්ස්ඇප් අංකය ඔස්සේ යොමු කළ හැකිය.

මැරතන් තරගයේ (පිරිමි) පළමුවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින් පිරිනැමේ.

කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රුපියල් 7,500 බැගින් පිරිනමනු ලබයි.

එමෙන්ම ස්ටෑන්ඩඩ් පාපැදි සවාරිය (පිරිමි/ කාන්තා) දිවයිනටම විවෘතය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව එය සංවිධානය කරයි.
පිරිමි අංශයේ ස්ටෑන්ඩඩ් පාපැදි සවාරිය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී මීගමුව පාර ඔස්සේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නිට්ටඹුව, නුවර පාර, කඩවත, පෑලියගොඩ, හරහා නැවත ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.

 

එහි කාන්තා අංශයේ තරගය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී ගාලු පාර ඔස්සේ පාමංකඩ, පිළියන්දල, කැස්බෑව, කොට්ටාව, මහරගම, නුගේගොඩ, තුම්මුල්ල හන්දිය, පිත්තල හන්දිය, ලේක්හවුස් ඔස්සේ නැවත ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.

1973 වසරේ හා ඉන් පසුව සහ 2004 වසරේ හා ඉන් පෙර වසරවල උපත ලැබූ ශ්‍රී ලාංකික පිරිමි සහ කාන්තා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සඳහා සහභාගී විය හැකිය.

මෙම තරගය සඳහා ගැනෙන ස්ටෑන්ඩඩ් පාපැදි ඉදිරිපස සහ පසුපස දැති 48 සහ 18, හැඬලයේ රෙස්ට් බාර්/ හැක් බාර් සමඟ තරග කිරීම තහනම් බව සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.

ඒ අනුව මේ සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන තරගකරුවන් අදාළ අයදුම්පත සම්පූර්ණ කර රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලවා තරග කිරීමට හැකි යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට සහතික කොට සංවිධායක මණ්ඩලය වෙත wasathsiriya2023race@gmail.com ඊ-මේල් ලිපිනය ඔස්සේ හෝ 0788429688 වට්ස්ඇප් අංකය ඔස්සේ යොමු කළ හැකිය.

2023 අප්‍රියෙල් 21 දින පෙ.ව 10.00 ට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර පිළිගන්නා ලද අයදුම් පත් පිළිබඳ වට්ස්ඇප් පණිවිඩයක් ඔස්සේ අයදුම්කරුවන් වෙත දැනුම් දෙනු ලැබේ.මෙම අයදුම් කිරීම හා ලියාපදිංචිය සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

ස්ටෑන්ඩඩ් පාපැදි තරගය (පිරිමි) පළමු ස්ථානය සඳහා රුපියල් 100,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, 6 සිට 10 ස්ථාන දක්වා රුපියල් 9,000 බැගින් ද, 11 සිට 15 ස්ථාන දක්වා රුපියල් 5,000 බැගින් ද ත්‍යාග පිරිනැමේ.
කාන්තා තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 40,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක් ද, 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 9,000 බැගින් පිරිනමනු ලබයි.

කඹ ඇදීමේ තරගය සඳහා අදාළ අයදුම්පත සම්පූර්ණ කර තරගාවලිය ආරම්භ කිරීමට දින 02කට ප්‍රථම ලබා දිය යුතු අතර ඒ සඳහා 0717880695 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.

එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 08 දෙනෙකුට ක්‍රීඩා කළ හැකි අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ සම්පූර්ණ ක්‍රීඩකයන් ගණන 10 කි.

ජනාධිපති කාර්යාලය සියලු රාජ්‍ය ආයතන ඒකරාශි කර ගනිමින් පවත්වන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 සෙනසුරාදා පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා කොළඹ, ෂැංග්‍රිලා ග්‍රීන් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ තරග ඉසව් සංවිධානය කර තිබේ.

මියැසි ප්‍රසංගය රාත්‍රී 7.00 ට එම ස්ථානයේ දී ආරම්භ වේ

The post වසත් සිරිය 2023 සඳහා අයදුම්පත් කැඳවයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

Former Pakistani legend Wasim Akram will conduct a two-day training program for national players, SLC High Performance Coaches, and the coaches of the major clubs in the country, Sri Lanka Cricket (SLC) said.

- adaderana.lk

Eastern India experienced its hottest April on record as a heatwave scorched parts of the country amid a general election, killing at least nine people, and the weather office on Wednesday forecast above normal temperatures for May too.

- adaderana.lk

The Meteorology Department says showers or thundershowers will occur at several places in Western, Sabaragamuwa and Central provinces and in Galle and Matara districts after 2.00 p.m.

- colombogazette.com

President Ranil Wickremesinghe insisted that he is not a dictator and that he has taken steps to protect democracy. Speaking at the United National Party (UNP) May Day rally in Colombo, Wickremesinghe said that he has allowed all the political parties to stage May Day rallies across the country. He said that such freedom was […]

- colombogazette.com

Former Sri Lanka captain Arjuna Ranatunga got on stage at the Samagi Jana Balawegaya (SJB) May Day rally in Thalawakele. Ranatunga stood with the SJB MPs and waved to the crowd before sitting on stage. The former MP was reportedly invited to attend the May Day rally by SJB MP Palani Thigambaram. (Colombo Gazette)

- adaderana.lk

Samagi Jana Balawegaya (SJB) leader Sajith Premadasa has reiterated that Sri Lanka s debt agreement with the International Monetary Fund (IMF) would be amended under an SJB government in the future.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc