උතුරු නැගෙනහිර පළාත්වල අද හර්තාල්
උතුරු නැගෙනහිර දිස්ත්‍රික්වල අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි හර්තාල් ව්‍යාපාරය සංවිධාන කර තිබෙන්නේ.
උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කවල දේශාපලන පක්ෂ හා බහුජන සංවිධාන එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාවට නංවා තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ 7ක් ඊට පූර්ණ සහාය දැක්වීමට ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරිම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම උතුර නැගෙනහිර ඉඩම් ගැටලුවලට විසදුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කෙරුණා.
වෙළදසැල් රැසක් වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන සේවාව ද අඩාලව ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
The post උතුරු නැගෙනහිර පළාත්වල අද හර්තාල් appeared first on ITN News.