පාකිස්තානය හා මලාවි රාජ්ය තුළ මැලේරියා වසංගතය පැතිරයයි
පාකිස්තානය හා මලාවි රාජ්ය තුළ මැලේරියා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
මැලේරියා රෝගයෙන් වැඩිම බලපෑම එල්ල වන පිරිස ලෙස වයස අවුරුදු 5ට අඩු දරුවන් හා ගැබිණි කාන්තාවන් සැලකිය හැකියි.
රෝගය හඳුනා නොගැනීම හා නිසි ප්‍රතිකාර නොලැබීම තුළින් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
පාකිස්තානයට හා මලාවි රාජ්‍යයට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමග එම රටවල රෝගය ශීඝ්‍රයෙන් පැතිරයාමක් දක්නට ලැබෙන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
පාකිස්තානයේ පමණක් නව මැලේරියා රෝගීන් මිලියන 1.6ක් පමණ වාර්තා වී තිබෙනවා.
එමෙන්ම මරණ සංඛ්‍යාව ද සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.
The post පාකිස්තානය හා මලාවි රාජ්ය තුළ මැලේරියා වසංගතය පැතිරයයි appeared first on ITN News.